Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2025 13:21:06 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන්, 3 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජනවාරි මස 14 දින 3 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.

ඒකක මූලස්ථානය වෙත සපැමිණි වැඩබලන සේනාවිධායකතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 3 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එෆ්.ජේ. සමරනායක ආර්එස්පී විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම ඒකකයේ කාර්යභාරය සහ වගකීම් සබැඳිව වැඩබලන සේනාවිධායකතුමන් දැනුවත් කරනු ලැබීය. පසුව, කඳවුරු සංචාරයක නිරත වූ එතුමන් එම ඒකකයේ ප්‍රධාන ගැටළු පිළිබඳව ද සොයාබැලීය.

පසුව, භටපිරිස් සමඟින් සුහඳ පිළිසඳරක නිරත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහය දැක්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්මට අනුව ක්‍රියාත්මක වීමේ වැදගත්කම පිළිබඳව පෙන්වාදුන්නේය. එමෙන්ම, යුද්ධ හමුදාව සතු ඉලක්ක සපුරාගැනීම වෙනුවෙන් භටපිරිස් සතු ශාරීරික හා මානසික ශක්තීන් වැඩිදියුණු කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එතුමන් පෙන්වාදුන්නේය.

මෙම සංචාරය සනිටුහන් කරමින් එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්යමණ්ඩලයේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ.