20th January 2025 15:03:28 Hours
යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත කොළඹ පළාතේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙසෙන යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 2025 ජනවාරි මස 20 සිට 24 දින දක්වා රාගම රණවිරු සෙවණ සුවතා නිකේතන පරිශ්‍රයේදී රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදා ප්‍රවීණයන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීම සඳහා සියළු කටයුතු සංවිධානය කර ඇත.
රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් කළමනාකරණය කරනු ලබන මෙම වෛද්‍ය කඳවුර විශේෂයෙන් අත් පා අහිමිවීම හේතුවෙන් කෘතීම අත් පා සහ ශල්‍ය උපකරණ අවශ්‍යතා සහිත මෙන්ම වෛද්‍ය අභියෝගවලට මුහුණ දී සිටින වසර 22 කට අධික සේවා කාලයක් සහිත යුද්ධ හමුදා ප්‍රවීණයන්ට සහ සේවයේ නියුතු රණවිරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර සැපයීම අරමුණු කරගනිමින් පවත්වනු ලබයි.
මෙම වෛද්‍ය කඳවුර තුළින් අඛණ්ඩව පවතින වෛද්‍ය ගැටළු තක්සේරු කිරීම සහ ඒ සඳහා විසඳුම් ලබාදීම සඳහා වෘත්තීය සෞඛ්‍යය උපදේශන ඇතුළු සේවාවන් රැසක් සපයනු ලබයි. එසේම, මේ තුළින් කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ නිසි අයුරින් ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා එම උපකරණ පරීක්‍ෂා කිරීම සහ අළුත්වැඩියා කටයුතු සිදුකිරීම වැනි සේවාවන් ද ලබාදෙනු ලබයි. මීට අමතරව, මානසික සෞඛ්‍යය සහ චිත්තවේගීය යහපැවැත්මට සහයවීම සඳහා උපදේශන සේවාවන් මෙන්ම, පෝෂණ විශේෂඥයින් විසින් සමස්ත සෞඛ්‍යය සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ආහාර ලබාගැනීමේ රටාවන් පිළිබඳ උපදේශනයන් ද මෙහිදී ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
දිනකට යුද්ධ හමුදා සාමාජිකයන් 500 දෙනෙකු වෙත වෛද්‍ය සේවාවන් සපුරාලීමේ අරමුණින් පවත්වනු ලබන මෙම වෛද්‍ය කඳවුර තුළදී වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් වෛද්‍ය පරීක්‍ෂණ පවත්වනු ලබයි. චර්ම රෝග සහ දන්ත සේවා සඳහා විශේෂඥ සායනයන් ද ඒ තුළින් ලබාගත හැකි අතර, විශේෂයෙන් යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් එම සේවාවන් සපයනු ලබයි.
විශ්‍රාම ගැනීමෙන් පසු වෛද්‍ය සායනයන් සහ සෞඛ්‍යය සේවාවන් ලබාගැනීමේදී හමුදා ප්‍රවීණයන් නිරන්තරයෙන් මුහුණ දෙන අභියෝග සඳහා විසඳුම් ලබාදීම මෙන්ම එම වෛද්‍ය ආධාර ලබාදීම තුළින් ඔවුන්ගේ විභව සංකූලතා වැළැක්වීම සහ ජීවන තත්ත්වය නඟාසිටුවීම යුද්ධ හමුදාවේ ප්‍රධාන අරමුණ වේ. තවද, කෘත්‍රිම අත් පා නඩත්තුව කෙරෙහි වෛද්‍ය කඳවුරේ ප්‍රධාන අවධානය යොමුකිරීම තුළින් කාලෝචිත අළුත්වැඩියාවන් සිදුකිරීමෙන් එම උපකරණ වල ආයු කාලය දීර්ඝ වීම මඟින් ආර්ථිකමය වශයෙන් ඔවුන් වෙත සහන සැලසෙන අතර, ඒ තුළින් තිරසාර සම්පත් කළමනාකරණය පිළිබඳ යුද්ධ හමුදාවේ කැපවීම පෙන්නුම් කරයි.