20th January 2025 15:15:14 Hours
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2025 ජනවාරි මස 19 දින පීඩාවට පත් කැබිතිගොල්ලෑව, ඇල්ලේවැව ප්‍රදේශවාසීන් දෙදෙනෙකු මුදවාගැනීම සඳහා 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් හා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මෙන්ම 211 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.