20th January 2025 15:15:00 Hours
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ 2024 වර්ෂයේ තෙවන ත්‍රෛමාසික උපාධි ප්‍රදානෝත්සවය 2025 ජනවාරි මස 11 දින යුද්ධ හමුදා යුද විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 12 සාර්ථකව හැදෑරූ ශිෂ්‍ය නිලධාරින් 36 දෙනෙකු, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 31 සාර්ථකව හැදෑරූ ශිෂ්‍ය නිලධාරින් 65 දෙනෙකු සහ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක - 27 හැදෑරූ ශිෂ්‍ය නිලධාරින් 20 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය නිලධාරින් 121 දෙනෙකු සිය පාඨමාලාවන් සාර්ථකව අවසන් කර විසිර ගියහ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.සී.එම්.ජී.එස්.ටී. කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
පාඨමාලාවන්හි විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් කුසලතා අනුපිළිවෙලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත් ශිෂ්‍ය නිලධාරින් වෙත ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.
මෙම උත්සවය අතරතුරදී, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 31 හැදෑරූ බංගලාදේශ යුද්ධ හමුදාවේ කපිතන් එම්.ඩී. තවුහිදුල් ඉස්ලාම් තවුහිද් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් සමඟ සංස්කෘතික හා සදාචාරාත්මක වටිනාකම් බෙදාගනිමින් පාඨමාලාව සාර්ථකව හැදැරීම අගයමින් එම නිලධාරි වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී.
උත්සවය සමාප්තියේදී, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායකතුමා විසින් ‘උපාධි ප්‍රදානෝත්සව කථාව’ පවත්වමින් විසිර යන ශිෂ්‍ය නිලධාරින් වෙත සිය උණුසුම් සුභපැතුම් එක්කළ අතර වෘත්තීය දිවිය තුළදී අභියෝග සඳහා මුහුණදීමට ඔවුන්ව දැනුවත් කළ අතර, වෘත්තීය දිවියේ අඛණ්ඩතාවය සහ යුද්ධ හමුදා නිලධාරින් වශයෙන් සිය ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමට ද එතුමන් එම ශිෂ්‍ය නිලධාරින් දිරිමත් කළේය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.