Header

Sri Lanka Army

Defender of the Nation

19th January 2025 10:44:30 Hours

2025 යාපනය තෛපොංගල් උත්සවය සාර්ථකව පැවැත්වේ

2025 යාපනය තෛපොංගල් උත්සවය 2025 ජනවාරි මස 14 දින 51 පාබල සේනාංක CIMIC උද්‍යානයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි විය. මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබූ මෙම තෛපොංගල් උත්සවය සඳහා එකමුතුකම සහ සමඟියේ වැදගත්කම පිළිබිඹු කරමින් හමුදා නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.

සරු අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් සූර්යයාට, සොබාදහමට සහ ගව මහීෂයන්ට කෘතඥතාවය පුදකරනු ලබන මෙම පොංගල් උත්සවයේදී පොංගල් බත සැකසීම, වර්ණවත් තොරණක් නිර්මාණය කිරීම, ළමුන් සහ වැඩිහිටියන් සඳහා විවිධ සංස්කෘතික ක්‍රීඩාවන් ඇතුළු සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් සමඟින් සමරන ලදී.

මෙම උත්සවය අතරතුරදී, සහභාගි වූ සියළු දෙනා වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රජයේ සහ පොලිස් නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ දරු දැරියන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.