Header

Sri Lanka Army

Defender of the Nation

19th January 2025 10:45:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 28 වන බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 28 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී 2025 ජනවාරි මස 16 දින බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගන්නා ලදී.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එම්.එස්. කරුණාරත්න පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ඉන් අනතුරුව, එතුමන් එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය.

පසුව, ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. අනතුරුව, පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ එතුමන් මාණ්ඩලික නිලධාරින් ගේ ප්‍රධානත්වයෙන් පැවති දැනුවත් කිරීමේ සාකච්ඡාවකට ද සහභාගි විය.

නව බලකාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධූරය ද හොබවනු ලබයි.