18th January 2025 18:25:08 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපළ හා භටනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 26 වන අධ්‍යක්‍ෂ වශයෙන් 2025 ජනවාරි මස 17 දින ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඩී.එස්.එස්. රදලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී රාජකාරි භාරගන්නා ලදී.
ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් ඩී.එස්.එස්. රදලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය.
මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ.