17th January 2025 15:32:22 Hours
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් රජය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනට සමගාමීව 61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 16 දින මාතර, දෙවිනුවර සහ දික්වැල්ල ප්‍රදේශයන්හිදී වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සිය දායකත්වය ලබාදෙන ලදී.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන රාජ්‍ය නිලධාරින් සහ සිවිල් වැසියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩියූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේදී මාතර, දික්වැල්ල, හිරිකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්ථාන 18 ක් තුළ භටපිරිස් විසින් වෙරළ තීරයන් පිරිසිදු කරනු ලැබූහ.
මෙම වැඩසටහන සඳහා 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් 104 දෙනෙක්, රාජ්‍ය නිලධාරින් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.