Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2025 15:34:33 Hours

විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක - 76 සහ ප්‍රතිත්‍රස්ත හා කැලෑබද සටන් පාඨමාලා (සෙසුනිල) අංක - 38 සාර්ථකව අවසන්

විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක - 76 සහ ප්‍රතිත්‍රස්ත හා කැලෑබද සටන් පාඨමාලා (සෙසුනිල) අංක - 38 සාර්ථකව හැදෑරූ නිලධාරින් 16 දෙනෙකු සහ සෙසුනිලයන් 263 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය 2025 ජනවාරි මස 15 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලදී. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව පාඨමාලාවන් සඳහා සහභාගී වූවන් වෙත පාඨමාලා ලාංඡන පළඳවනු ලැබූහ.

පාඨමාලාවන්හි විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරින් සහ සෙසුනිලයන් පහතින් දැක්වේ:

විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක - 76

• සෑම අතින්ම අතිශූර සිසුවා (නිලධාරි) – 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් ආර්.පී.ජී.එස්.එම්. ජයසේකර

• දක්‍ෂතම වෙඩික්කරු - 8 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලුතිනන් ආර්.ඒ.එම්.එස්.ඩී. රත්නායක

• සෑම අතින්ම අතිශූර සිසුවා (සෙසුනිල) – 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ ඩබ්ලිව්.පී.සී. රසිඳු

• හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබළා - 5 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එස්.කේ. විජේතුංග

• හොඳම ඛණ්ඩය - 19 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව

ප්‍රතිත්‍රස්ත හා කැලෑබද සටන් පාඨමාලා (සෙසුනිල) අංක - 38

• සෑම අතින්ම අතිශූර සිසුවා - 1 බලඇණිය විශේෂ බලකායේ කෝප්‍රල් එච්.ඒ.පී. පියුමාල්

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.