Header

Sri Lanka Army

Defender of the Nation

16th January 2025 17:30:07 Hours

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශකතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගී, 2025 ජනවාරි මස 16 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත පැමිණි සහකාර ආරක්‍ෂක උපදේශකතුමන්ව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. පසුව පැවති සුහද හමුවේදී දෙරට අතර ඇති බැඳීම තවදුරටත් වැඩිදියුණු කරමින් ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සඳහා හමුදාමය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළහ.

සුහද හමුව සමාප්තියේදී, මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ සහකාර ආරක්‍ෂක උපදේශකතුමන් අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.