Header

Sri Lanka Army

Defender of the Nation

16th January 2025 14:07:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මාණ්ඩලික නිලධාරි පාඨමාලාවන් හදාරනු ලබන නිලධාරින් වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන්

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් මාණ්ඩලික නිලධාරි පාඨමාලාවන් හදාරනු ලබන නිලධාරින් වෙත 2025 ජනවාරි මස 10 දින එම බලසේනා මූලස්ථානයේදී මූල්‍ය ප්‍රදානයන් සිදුකරන ලදී.

එහිදී, එතුමන් විසින් නිලධාරින් 11 දෙනෙකු වෙත සංකේතාත්මකව රු. 50,000.00 බැගින් වූ මූල්‍යමය ප්‍රදානයන් පිරිනමන ලදී.

2025 අධ්‍යයන වර්ෂය සඳහා අණ හා මාණ්ඩලික නිලධාරි පාඨමාලාව සහ භඨකාර්ය සම්පාදක මාණ්ඩලික නිලධාරි පාඨමාලාව යන පාඨමාලාවන් හැදෑරීමට සුදුසුකම් ලත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරින් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගි වූහ.