Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2025 12:35:06 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අස්ගිරි මහනාහිමිගෙන් ආශීර්වාද ලබා ගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයු පීඑස්සී අයිජී සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය 2025 ජනවාරි මස 14 දින අස්ගිරි මහා විහාරය වෙත ගොස් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගත්හ.

එම හමුවේදී, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණෝ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත, ජාතියේ ආරක්‍ෂකයන් ලෙස කැපවීමෙන් කටයුතු කරන යුද්ධ හමුදාව මෙහෙයවීමට අවශ්‍ය ධෛර්ය ලැබේවායි ආශීර්වාද කළහ. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් මහානායක ස්වාමීන් වහන්සේ ලබාදුන් ආශීර්වාද හා මගපෙන්වීම වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කළේය.

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ද බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

නිල සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගී වූහ.