09th January 2025 11:46:08 Hours
2024 වසරේ පැවති යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවර කෝදු තරඟාවලියේදී ‘දක්‍ෂතම සරඹ උපදේශක’ ලෙස තේරී පත් වූ 9 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බළලත් නිලධාරී II අයි.ජී.එස්.බී.ජේ ඉහළගෙදර ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් ඇගයීමට ලක්කරන ලදී.
2025 ජනවාරි මස 7 දින ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සිදුකළ සංචාරය අතරතුරදී එතුමන් විසින් තත් බළලත් නිලධාරීගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය අගය කරමින් සංකේතාත්මකව මූල්‍යමය දිරිගැන්වීමක් ප්‍රදානය කරන ලදී.