Header

Sri Lanka Army

Defender of the Nation

10th January 2025 16:00:16 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන් ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජනවාරි මස 5 දින ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙත සිය පළමු නිල සංචාරය සිදු කළේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන්ව ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

සංචාරය අතරතුර, එතුමන් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට ගෞරවාචාර දක්වමින් කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්වී වෙනුවෙන් ඉදිකරනු ලැබූ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. පසුව එතුමන් පරිපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කළේය.

භටපිරිස් අමතමින් එතුමන්, ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහයෝගය ලබාදීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර, තම ඉදිරි දැක්ම ද පැහැදිලි කළේය.

නිල සංචාරයේ කටයුතු අවසන් කරමින් එතුමන් නිලධාරින් සමඟින් සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ස්වේච්ඡා බලසේනාවේ ප්‍රගතිය වෙනුවෙන් එතුමන්ගේ ඉදිරි දැක්ම පෙන්වා දුන්නේය.