Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2025 08:53:59 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායකතුමන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් අමතයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2025 ජනවාරි මස 07 දින පනාගොඩ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් කාර්යය මණ්ඩලය අමතනු ලැබීය.

එහිදී එතුමන්, ජාතික ස්ථාවරත්වය පවත්වා ගැනීමේදී යුද්ධ හමුදාවේ විනය, අඛණ්ඩතාව, වෘත්තීයභාවයේ වැදගත්කම සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ වැදගත්කම පිළිබඳව අවධාරණය කල අතර, එම වැඩසටහන තුලින් යුද්ධ හමුදාවේ සදාචාරාත්මකභාවය සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කරමින්, නවෝත්පාදනයන් බිහිකිරීම මෙන්ම වගකීමෙන් යුතුව කටයුතු කිරීමට භටපිරිස් දිරිමත් කළේය.

තවද, කර්නල් සේනාවිධායකතුමන්, එම බලකායේ වෘත්තීය හා තාක්‍ෂණික දියුණුව සඳහා වූ ඉදිරි ගමනේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉලක්කයන් පෙන්වාදුන් අතර, ඉංජිනේරු බලකායේ විශිෂ්ටත්වය හා කීර්තිය ඉහල නැංවීමට කටයුතු කරමින් 2025 වර්ෂයේ දී පැමිණෙන අභියෝගයන්ට එකමුතුව සහ එක් අරමුණකින් මුහුණ දෙන ලෙසත් එතුමන් එම බලකායේ සාමාජිකයන් දිරිමත් කරමින් නව වසරට සුභ පැතුම් එක්කළේය.