Header

Sri Lanka Army

Defender of the Nation

10th January 2025 12:22:16 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් වෙත එම බලසේනාවේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජනවාරි මස 03 දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ධූරයෙන් නික්ම යන සේනාවිධායකතුමන් වෙත 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකළ අතර, පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.

ඉන් අනතුරුව, සේනාවිධායකතුමන් ධූරය භාර දීම සිදුකරමින් නිල ලේඛනයට අත්සන් කළ අතර, පසුව එතුමන් විශේෂ අමුත්තන්ගෙ සමරු සටහන් පොතේ සටහනක් තැබීය. එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකධූරය හෙබවීම සනිටුහන් කරමින් සිය කාර්යාලයේදී එතුමන්ගේ ඡායාරූපයක් නිරාවරණයකර කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප සඳහා පෙනී සිටියේය. පසුව එතුමන් භටපිරිස් ඇමතීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.