09th January 2025 11:47:59 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ 40 වන විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2025 ජනවාරි මස 8 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සිය කාර්යාලයේදී සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
මීට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරය හෙබවීය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.