07th January 2025 13:23:45 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම බලකායේ අභිමානවත් 28 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 3 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි..
සංවත්සර සැමරුමට සමගාමීව නාවුල රෝහල් පරිශ්‍රයේදී ශ්‍රමදාන වැඩසටහනක් මෙන්ම එම කඳවුරු පරිශ්‍රයේදී බෝධි පූජාමය පිංකමක් සහ සංගීතමය වැඩසටහනක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ..