07th January 2025 12:40:32 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2025 ජනවාරි මස 05 දින 51 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම සේනාංකයේ කාර්යයභාරයන් සබැඳිව එතුමන් දැනුවත් කළේය. ඉන් අනතුරුව, සමූහ ඡායාරූපයකට පෙනී සිටි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
මෙම සංචාරය අතරතුරදී, එතුමන්ගේ සුරතින් CIMIC උද්‍යාන පරිශ්‍රයේ නව පරිගණක විද්‍යාගාරයක් විවෘත කරමින් එහි පළමු පරිගණක පාඨමාලාවේ ආරම්භය සනිටුහන් කළේය. සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත එම ප්‍රදේශයේ ගම්මානවල වෙසෙන තරුණ තරුණියන් අතර ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15 න් පහළ පිරිමි පාපන්දු තරඟයක් නැරඹිමට ද එතුමන් සහභාගී විය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.