Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2025 16:18:45 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්, 1 බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, 2025 ජනවාරි මස 02 දින 1 බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන්ව 1 බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව එතුමන් භටපිරිස් ඇමතීය. එහිදී සෙබලුන්ගේ වෘත්තීයභාවය, පුද්ගලික විනය සහ හමුදාවේ ගෞරවය ආරක්‍ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව එතුමන් අවධාරණය කළේය.

නිල සංචාරයේ කටයුතු අවසන් කරමින් රෙජිමේන්තු අධිපතිතුමන් විශේෂ අමුත්තන්ගෙ සමරු සටහන් පොතේ සටහනක් තැබීය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.