Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2025 15:10:16 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 55 පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී 2025 ජනවාරි මස 03 දින 55 පාබල සේනාංකයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

මෙම සංචාරය අතරතුරදී, එම සේනාංකයේ කාර්යයභාරයන් සබැඳිව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් වීමෙන් අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයකට සහභාගී වී භටපිරිස් ආමන්ත්‍රණය කළේය. පසුව, එතුමන් කිලිනොච්චිය රණවිරු ස්මාරකය සහ CIMIC උද්‍යානය ඇතුළු 551 පාබල බලසේනා බලප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව 553 පාබල බලසේනා මූලස්ථානය වෙත ගියේය.

මෙම සංචාරය අතරතුරදී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන අඛණ්ඩ නිවාස ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් පූනරීන්, පල්ලිකුඩා ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙනු ලැබීය. 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 552 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 22 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් 552 පාබල බලසේනා මූලස්ථානය සහ එම බලසේනා බලප්‍රදේශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය. සංචාරයේ නිරත මූලස්ථානයන්හිදී එතුමන් මෙම සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.