03rd January 2025 17:03:56 Hours
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 14 වන අධ්‍යක්‍ෂ වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් ටී.ජි.එන්. ද සිල්වා 2025 ජනවාරි මස 01 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි සිය කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
ආගමික වතාවත් මධ්‍යයේ කර්නල් ටී.ජි.එන්. ද සිල්වා සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.