Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2025 17:01:24 Hours

ගුවන් සංග්‍රමික පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

ගුවන් සංග්‍රමික පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ලුතිනන් කර්නල් ඩී.එම්.සී.එල්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2025 ජනවාරි මස 01 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි ලුතිනන් කර්නල් ඩී.එම්.සී.එල්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ලුතිනන් කර්නල් ඩී.එම්.සී.එල්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

පසුව, සියළු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නිලධාරි නිවස්නයේදී දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.