03rd January 2025 11:38:29 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් යු.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2025 ජනවාරි මස 01 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් මේජර් ජෙනරල් යු.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
මෙම අවස්ථාවට මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.
මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ධුරය හෙබවීය.