03rd January 2025 09:41:11 Hours
යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 2 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් භාරදෙනු ලැබීය.
ධූරයේ රාජකාරි කටයුතු භාරදීම සනිටුහන් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත සංකේතාත්මකව යෂ්ටිය භාරදෙන ලදී. ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක තනතුරේ ධූර කාලය අවසන් කර නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් නව කර්නල් සේනාවිධායක ලෙස පත්කරනු ලැබූ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නායකත්වය ලබාදෙනු ලැබීය.
මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස ධූරයේ රාජකාරින් භාරගත් අතර, එතුමන්ගේ නායකත්වය සහ දැක්ම තුළින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරනු ලබයි.