Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2025 11:38:20 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 දෙසැම්බර් මස 31 දින අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

එම කාර්යාල පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ එතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම ශාඛාවේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.