Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2025 14:56:16 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 31 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.

පසුව, සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටි එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සියලු යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සිය කෘතඥතාවය සහ සුබපැතුම් පිරිනැමිණි.

ඉන් අනතුරුව, අන්‍යෝන්‍යය ගෞරවය සහ මිත්‍රත්වය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ධුරයෙන් නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.