Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2025 15:31:02 Hours

යුද්ධ හමුදා යුද විද්‍යාලයේ 3 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ 3 වන සංවත්සරය 2024 දෙසැම්බර් මස 17 දින අභිමානවත් අයුරින් සැමරීය.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් 2024 දෙසැම්බර් මස 13 දින හඳපානාගල, ‘මෙත්සේවා’ පදනම් පාසලෙහි නේවාසිකව සිටින ආබාධිත ළමුන් සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය. අනතුරුව, 2024 දෙසැම්බර් මස 15 දින කඳවුරු පරිශ්‍රයේ පිහිටි විහාරස්ථානයේදී ආගමික වැඩසටහනක් පවත්වන ලද අතර, ඉන්පසුව කුබුක්කන, සෞභාග්‍යා විශේෂ අවශ්‍යතා සහිත පාසලේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.

සංවත්සර දිනයේදී, භටපිරිස් විසින් එම පාසලේ සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, ඉන් පසුව සමූහ ඡායාරූපයක් සඳහා පෙනීසිටි එතුමන් අනතුරුව භටපිරිස් ඇමතීම සිදුකරන ලදී. උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ සංගීත ප්‍රසංගයක් පැවැත්වීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.