Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2024 16:29:57 Hours

මව්බිම වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සාමාජිකයන් අනුස්මරණය කරයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන රණවිරු අනුස්මරණ උත්සවය 2024 දෙසැම්බර් මස 28 සහ 29 දෙදින තුළ එම දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය. උත්සවය අතරතුරදී, එම දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකරනු ලැබිණි.

මීට සමගාමීව, වරකාපොළ ප්‍රදේශයේ පිහිටි කතෝලික, හින්දු සහ ඉස්ලාමීය ආගමික ස්ථානයන්හිදී සර්ව ආගමික වතාවත් සිදුකෙරුනු අතර, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද ආශිර්වාද පතා 2024 දෙසැම්බර් මස 29 දින දානමය පිංකමක් පැවැත්විණි.