30th December 2024 17:23:35 Hours
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2024 දෙසැම්බර් මස 24 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහඳ හමුව අතරතුරදී, මතකාවර්ජනය කරමින් සුහඳ අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී සහ පශ්චාත් යුද සමයේදී අභියෝගාත්මක භූමිකාවන්හි නිරත වෙමින් දැක්වූ කැපවීම සහ ආදර්ශමත් සේවය පැසසුමට ලක්කළේය. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ අතර, එහිදී පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේදී එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය යුද්ධ හමුදාධිපතිතුමන් එම පවුලේ සාමාජිකයන් වෙත පුදකළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.
සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන්ද ප්‍රදානය කළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී වර්ෂ 1990 ජනවාරි මස 09 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 33 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායට එක්විය. දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව නිමකිරීමෙන් පසු එතුමන් දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජුනි මස 15 දින ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2023 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජනවාරි මස 04 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම ලබන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති යන ධූරයන් හෙබවීය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ, 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ ඛණ්ඩභාර නිලධාරි, 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, වවුනියාව කලාප මූලස්ථානයේ සංඥා නිලධාරි, 7 පාබල බලසේනා මූලස්ථානයේ සංඥා නිලධාරි, 521 පාබල බලසේනා මූලස්ථානයේ සංඥා නිලධාරි, 54 පාබල සේනාංක මූලස්ථානයේ සංඥා නිලධාරි, 9 පාබල බලසේනා මූලස්ථානයේ සංඥා නිලධාරි, 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රවාහන අංශභාර නිලධාරි, 5 ආධාරක බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරි අණදෙන, කාලතුවක්කු බලසේනා මූලස්ථානයේ සංඥා නිලධාරි, සංඥා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, 215 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනා මේජර්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීයේ නිලධාරි අධ්‍යයන මධ්‍යස්ථානයේ උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ කෙඩෙට් නිලධාරි අංශයේ නිලධාරි අණදෙන, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) ශ්‍රී ලංකා හමුදා බලඇණියේ සංඥා බලඝණයේ නිලධාරි අණදෙන, 59 පාබල සේනාංක මූලස්ථානයේ කාර්යයේ නියුක්ත ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), 22 පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සන්නිවේදන), යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (විද්‍යුත් සංග්‍රාමික), යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සන්නිවේදන), 5 ආධාරක බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (1 ශ්‍රේණිය), සංඥා පුහුණු පාසලේ සේනාවිධායක, 542 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ දේශසීමා අවදානම් තක්සේරු මධ්‍යස්ථානයේ (BRAC) අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ හමුදා දිවිය තුළ නිලධාරි විශිෂ්ඨතා පාඨමාලාව, මෝටර් රථ ප්‍රවාහන අංශභාර නිලධාරින්ගේ පාඨමාලාව, කණ්ඩායම් අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ ක්‍රියාන්විත පුහුණු පාඨමාලාව, සංඥා නිලධාරින්ගේ මූලික පාඨමාලාව - බංගලාදේශය, කූගර් පුහුණු පාඨමාලාව - එක්සත් රාජධානිය, සංඥා කණ්ඩායම් භාර නිලධාරි අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ඒකාබද්ධ අර්බුද කළමනාකරණ පාඨමාලාව - ෆින්ලන්තය, ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.
මීට අමතරව, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලය තුළින් ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යාපනික සුදුසුකම් ද සපුරා ඇත.