Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2024 13:05:14 Hours

ධූරයෙන් නික්ම යන 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ට එම සේනාංකයේ ගෞරවාචාරය

ධුරයෙන් නික්ම යන 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 19 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකරන ලදී.

ඉන් අනතුරුව, එතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මකව නිල ලේඛනයට අත්සන් තබමින් නිල වශයෙන් සිය රාජකාරි භාර දෙන ලදී. පසුව සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කර සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය කෘතවේදීත්වය පුදකළේය.

ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන්ගේ සේවය ඇඟයීමට ලක්කරමින් එම සේනාංකයේ භටපිරිස් එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් පිරිසක් සහභාගී වූහ.