Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2024 16:29:04 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා චිත්‍ර තරඟය - 2024, හි ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කරයි

2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූගේ සුරතින් යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී 2024 දෙසැම්බර් මස 27 දින සිදුකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය වෙනුවෙන් ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පවත්වන ලද මෙම තරඟාවලියේ අරමුණ වූයේ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුවිශේෂී කලාත්මක කුසලතාවයන් සහ ඔවුන්ගේ නිර්මාණශීලිත්වය වැඩිදියුණු කිරීමයි.

තරඟාවලියේ ජයග්‍රාහකයින් පහත සඳහන් පරිදි වේ:

• ලුතිනන් එස්.එම්.ජේ.ඒ.බී. සමරකෝන් - ප්‍රථම ස්ථානය

• බළලත් නිලධාරී II ආර්.එම්.එස් රුවන් කුමාර - දෙවන ස්ථානය

• බළලත් නිලධාරී II ඒ.ඩී. අබේගුණරත්න - තෙවන ස්ථානය

චිත්‍ර තරඟාවලියේ ජයග්‍රාහකයින්ගේ විශිෂ්ට කුසලතාවයන් යුද්ධ හමුදාධිපතිතුමන් ඇඟයීමට ලක්කළ අතර, එම ජයග්‍රාහකයින්ගේ චිත්‍ර යුද්ධ හමුදා මූලස්ථානයේ බිම් මහලේ ප්‍රදර්ශනය කරන ලෙස ද එතුමන් උපදෙස් ලබාදෙන ලදී.