Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2024 11:46:47 Hours

11 බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාග වැඩසටහනක්

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 11 බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අක්කරෙයිපත්තුව, කන්නගිපුරම් පාසලේ දී දෙසැම්බර් මස 20 සහ 21 යන දිනයන්හිදී පවත්වන ලදී. එහිදී කන්නගිපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 25 ක් සඳහා ප්‍රතිලාභ හිමිවූහ.

මෙම වැඩසටහන සඳහා හේමාස් නිශ්පාදන පුද්ගලික සමාගම විසින් මූල්‍යමය දායකත්වය සපයන ලදී. එම අවස්ථාව සඳහා 241 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරන නිලධාරි, 11 බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරීන් හා සෙසුනිලයන්, අක්කරෙයිපත්තුව හේමාස් පුද්ගලික සමාගමේ ප්‍රාදේශීය අළෙවි කළමණාකරු, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහ සිවිල් වැසියන් 55 දෙනෙකු සහභාගී වූහ.