Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2024 12:12:00 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 11 පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී, 2024 දෙසැම්බර් මස 24 දින 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 5 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.

පසුව, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී විසින් එතුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත එම බලප්‍රදේශයේ පවතින ආරක්‍ෂක තත්ත්වය, කාර්යභාරය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරනු ලැබීය.

ඉන් පසුව, එතුමන් 11 පාබල සේනාංකයේ සියළුම භටපිරිස් අමතා නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත පවරා ඇති රාජකාරි සහ වගකීම් පිළිබඳව දැනුවත් කළේය. අනතුරුව, එතුමන් මහනුවර යුද්ධ හමුදා රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය.