26th December 2024 11:44:04 Hours
ශ්‍රී ලංකා මුෂ්ඨි ප්‍රහාර සංගමය විසින් සංවිධානය කරන ලද ක්ලිෆර්ඩ් කුසලාන අභියෝගතා මුෂ්ඨි ප්‍රහාර තරඟාවලිය 2024, දෙසැම්බර් මස 18 දින සිට දෙසැම්බර් මස 21 දින දක්වා මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම තරඟාවලිය සඳහා පිරිමි මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩකයින් 74 දෙනෙකු සහ කාන්තා මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩිකාවන් 35 දෙනෙකු ඇතුළුව මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම් 22 ක් සහභාගී වූහ. තරඟකරුවන් අතරින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වමින් රන් පදක්කම් 09 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත්තේය.
මෙහිදී, 2024 වසරේ වඩාත්ම කැපී පෙනෙන මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩකයා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.එස්.පී.එස්. ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබීය.
සියළුම කණ්ඩායම් අතරින් යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම 2024 වර්ෂය සඳහා වූ ක්ලිෆර්ඩ් අභියෝගතා කුසලානය දිනා ගත්තේය.
යුද්ධ හමුදා කාන්තා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම ද කැපී පෙනෙන දක්‍ෂතා පෙන්වමින් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් හිමිකර ගනිමින් මෙම තරඟාවලියේ අනුශූරතා කුසලානය දිනා ගත්තේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායමේ සභාපති මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ මඟ පෙන්වීම යටතේ යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම මෙම සුවිශේෂී ජයග්‍රහණයන් අත්කර ගනු ලැබූහ.