25th December 2024 17:32:30 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 2024 දෙසැම්බර් මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.
පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි සේනාවිධායකතුමන්ව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජේ. ජයරත්න කේඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එතුමන් භටපිරිස් අමතමින්, ජාතික අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා පුහුණු ක්‍රම නවීකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කර පුහුණු පාසලේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා කැපවීමෙන් කටයුතු කරන පුහුණු පාසලේ කාර්යය මණ්ඩලයට කෘතවේදීත්වය පළකරමින් මෙම පුහුණු පාසලේ පැවැත්වෙන පාඨමාලාවට සහභාගී වූවන්ට සුබ පැතුම් එක් කළේය.
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූප කිහිපයක් සඳහා ද පෙනී සිටියේය, පුහුණු පාසල වෙත පැමිණීම අඟය කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.