19th December 2024 15:05:53 Hours
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2024’ හි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා ත්‍යාග ප්‍රධානෝත්සවය පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී 2024 දෙසැම්බර් මස 18 දින පවත්වනු ලැබීය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2024 අගෝස්තු මස 26 දින සිට සැප්තැම්බර් මස 02 දින දක්වා 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී පැවති මෙම තරඟාවලිය තුළින් විනය සහ විශිෂ්ඨත්වය සඳහා යුද්ධ හමුදාවේ කැපවීම පෙන්නුම් කරයි.
යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ පිරිස් පාලන අධ්‍යක්‍ෂතුමන්ගේ උපදෙස් මත මෙම තරඟාවලිය සංවිධානය කෙරිණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් පසුව යුද්ධ හමුදා ගීතය ගායනා කළහ. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනැමූහ.
යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සහභාගී වූ සරඹ සහ තූර්ය වාදක කණ්ඩායම් විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අත්පොලසන් නාද මධ්‍යයේ සිය දස්කම් ප්‍රදර්ශනය කරන ලදී.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන, ත්‍යාග සහ යුද්ධ හමුදා ඉතිහාසයේ පළමු වරට කැපී පෙනෙන තනි පුද්ගල දක්‍ෂතා ඇගයීමට ලක්කරමින් විශේෂ ඇගයීමේ පදක්කම්ද ප්‍රදානය කරන ලදී. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් ජයග්‍රාහකයින්ට සහ සහභාගිවූවන් වෙත සිය සුභපැතුම් පිරිනමා ඔවුන් සමඟින් සමූහ ඡායාරූපයකටද පෙනීසිටියේය.
මෙම අවස්ථාව නැරඹීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව හර්මන් ලූස් සහ ද සොයිසා කුසලාන ජයග්‍රාහකයින්, කෙඩෙට් කණ්ඩායම්, පාසල් තූර්ය වාදක කණ්ඩායම් සහ ශිෂ්‍ය නායක මණ්ඩල නියෝජනය කරමින් දෙවි බාලිකා විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, මලියදේව බාලිකා විද්‍යාලය, මහමායා බාලිකා විද්‍යාලය, යශෝදරා දේවි බාලිකා විද්‍යාලය, විජය විද්‍යාලය, විදුර විද්‍යාලය, තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, වවුනියාව දමිළ මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, පූනානි ඉක්‍රා මුස්ලිම් විද්‍යාලය, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය, යාපනය හින්දු විද්‍යාලය, ආරක්‍ෂක විද්‍යාලය සහ අනුලා බාලිකා විද්‍යාලය ඇතුළු පාසල් 21 ක සිසුසිසුවියන් සහභාගී වූ අතර, එහිදී ඔවුන් වෙත යුද්ධ හමුදාවේ විනය සහ නිරවද්‍යතාවය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට ද අවස්ථාවක් හිමිවූහ. මෙම සරඹ තරඟාවලිය සඳහා පාසල් සිසුසිසුවියන් සහභාගීකරවීම තුලින් යුද්ධ හමුදාව තුල ක්‍රියාත්මක වන හර පද්ධතිය පිළිබඳව මෙන්ම කණ්ඩායම් හැඟීම, අවධානය සහ කැපවීමේ වැදගත්කම පිළිබඳව ඔවුන් තුළ මනා අවබෝධයක් ඇති කිරීම අරමුණ විය.
උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ පාසල් 21 ක ගුරුභවතුන් සහ සිසුන් රැසක් සහභාගී වූහ.
තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ කණ්ඩායම් සහ තරඟකරුවන් පහතින් දැක්වේ:
දක්‍ෂතම සරඹ කණ්ඩායම - පිරිමි
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාව
දෙවන ස්ථානය - ගැමුණු හේවා බලකාය
දක්‍ෂතම සරඹ කණ්ඩායම - කාන්තා
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
දක්‍ෂතම තූර්ය වාදක කණ්ඩායම
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාව
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
දක්‍ෂතම පියවර කෝදු කණ්ඩායම
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාව
දෙවන ස්ථානය - ගැමුණු හේවා බලකාය
දක්‍ෂතම සරඹ උපදේශක
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බළලත් නිලධාරී II අයි.ජී.එස්.බී.ජේ. ඉහළගෙදර
දක්‍ෂතම කණ්ඩායම් අණදෙන නිලධාරි - පිරිමි
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කපිතන් එස්. අර්ජුන
දක්‍ෂතම කණ්ඩායම් අණදෙන නිලධාරි - කාන්තා
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කපිතන් එම්. තෙන්නකෝන්
දක්‍ෂතම තූර්ය වාදක
ප්‍රථම ස්ථානය - ගජබා රෙජිමේන්තුවේ සැරයන් ඒ.ජී.ටී.යූ. විජේරත්න