18th December 2024 14:22:31 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන නියෝජ්‍ය සේනාවිධායක සහ පුහුණු පරීක්‍ෂක ගේ අධීක්‍ෂණය මත එම බලසේනාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනේ තෙවන අදියර 2024 දෙසැම්බර් මස 17 දින එම බලසේනා මූලස්ථානයේ බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
මෙම වැඩසටහන අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව යටතේ සේවයේ නියුතු සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 100 දෙනෙකු වෙත රු. 5000.00 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.