Header

Sri Lanka Army

Defender of the Nation

18th December 2024 14:53:40 Hours

යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024 ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විය

එළඹෙන අසිරිමත් නත්තල සහ අළුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් පවත්වනු ලබන යුද්ධ හමුදා වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024 දෙසැම්බර් මස 17 දින කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී (දෙවරක්), ආර්එස්පී යූඑස්පී, එම්එම්එස්සී (Strat අධ්‍යයන - චීනය), එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන සහ Strat අධ්‍යයන), එෆ්එන්ඩීයූ (චීනය), පීඑස්සී සහභාගී වූ අතර කොළඹ අගරදගුරු අති උතුම් ආචාර්ය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයෙකු වශයෙන් සහභාගී විය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ජානකී ලියනගේ මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ භාර්යාවන් ද මෙම අවස්ථාවට ආරාධිතයින් වශයෙන් සහභාගී වූහ.

‘සාමයේ කුමරා’ වන ජේසුස් වහන්සේගේ උපත සනිටුහන් කරමින් පැවැත්වූ මෙම උත්සවයේදී සියළු ලෝකවාසීන් වෙත සාමය සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ගීතිකා ගායනා කරනු ලැබීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ ප්‍රධානත්වයෙන් උත්සව අවස්ථාව සඳහා ආශිර්වාද පතා කෙටි යාඤාවක් පැවැත්විණි. අනතුරුව, කොළඹ අගරදගුරු අති උතුම් ආචාර්ය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නත්තල් පණිවිඩය කියවීය.

මෙම අවස්ථාවට නාවික හමුදාධිපතිතුමන්, හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ හිටපු සභාපතිතුමන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, විශ්‍රාමික නිලධාරින්, සෙසුනිලයන්, රණවිරු සෙවන සහ අභිමංසල සුවතා නිකේතනයන්හි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගී වූහ.