18th December 2024 10:47:16 Hours
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථානයේ අළුත්වැඩියා කරනු ලැබූ රථ වාහන සේවා ස්ථානය 2024 දෙසැම්බර් මස 16 දින නිල වශයෙන් විවෘත කරනු ලැබීය.
1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත නවීකරණය කරනු ලැබූ මෙම සේවා ස්ථානය තුළින් 61 පාබල සේනාංක බලප්‍රදේශයේ භාවිතා කරනු ලබන යුද්ධ හමුදා රථවාහන සඳහා නිත්‍ය රථවාහන සේවා පහසුකම් සපයනු ලබයි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.