Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2024 18:02:50 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් මස 16 දින පැවැත්විණි.

එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, ධූරයෙන් නික්ම යාම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබූ මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් සිය ධූර කාලය තුළ දැක්වූ කැපවීම වෙනුවෙන් සියළු නිලයන් ඇගයීමට ලක්කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියළු නිල තේ පැන් සංග්‍රහයක් පැවති අතර එහිදී එතුමන් සියළු නිලයන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවිය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් ද සහභාගී වූහ.