Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2024 13:48:30 Hours

යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

බුත්තල ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ටී.සී.එම්.ජි.එස්.ටී. කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 දෙසැම්බර් මස 15 දින පැවති කෙටි උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

එම විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ටී.සී.එම්.ජි.එස්.ටී. කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ එතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව සේනාවිධායකතුමන් එම විද්‍යාල පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.