Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2024 18:57:35 Hours

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී යුද්ධ හමුදා මූලස්ථානයේ දී 2024 දෙසැම්බර් මස16 දින පැවති කෙටි උත්සවයකදී ජන මාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

ආගමික ආශිර්වාද මධ්‍යයේ, බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ධූරයේ රාජකාරි භාර ගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන තැබීය. අනතුරුව ඡායාරූප සඳහා පෙනී සිටි එතුමන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයන් අමතමින් තම ඉදිරි දැක්ම පැහැදිලි කළේය. පසුව එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.

ජන මාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර, එතුමන් ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යයන උපදේශක තනතුර හෙබවීය.

මෙම අවස්ථාවට ජන මාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.