15th December 2024 13:42:15 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී 2024 දෙසැම්බර් මස 10 දින 12 පාබල සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය.
සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත 12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 122 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.එම්.යූ.බී. කොලොන්ගහපිටිය යූඑස්පී ප්‍රමුඛ 12 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
අනතුරුව, 12 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමාජ මාධ්‍ය භාවිතා කළයුතු ආකාරය, නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් වැළකීම සහ මූල්‍ය කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව සිය අදහස් දැක්වීය. සිය දේශනයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් නිලධාරින් සහ සෙසුනිලයන් අතර ඉහළ මට්ටමේ විනයක් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.
සේනාංක මූලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම 12 පාබල සේනාංකයේ සියළුම නිලයන් නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබිණි.