13th December 2024 15:43:43 Hours
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක - 18 හි උපාධි ප්‍රදානෝත්සවය 2024 දෙසැම්බර් මස 12 දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී අරුණ ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූ අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද එම උත්සව අවස්ථාවට සහභාගි විය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය තුමන්ව ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන, යුද්ධ හමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ඇතුළු පිරිස විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව එතුමන්ව ශ්‍රවණාගාරය වෙත කැටුව ඒමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ විය.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක - 18 සඳහා විදේශීය නිලධාරීන් 25 දෙනෙකු, යුද්ධ හමුදා නිලධාරීන් 78 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 21 දෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරීන් 26 දෙනෙකු ඇතුළුව උපාධි අපේක්‍ෂක නිලධාරින් 150 දෙනෙකු සහභාගි වූහ. කීර්තිමත් විද්වතුන් සහ ආරාධිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති පාඨමාලාවේ අවසන් දින උත්සවයේ දී එම උපාධිධාරි නිලධාරින් වෙත ‘පීඑස්සී’ උපාධිය පිරිනැමීම සිදු විය.
මෙම උපාධි ප්‍රදානෝත්සවයට රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සහ අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, උපාධිදාරි නිලධාරින්ගේ භාර්යාවන්, දෙමාපියන් සහ ළඟම ඥාතීන් ද සහභාගී වූහ.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූ නිලධාරින් වෙත විශේෂ සම්මාන ප්‍රදානය කළ අතර, එම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්තුමන් සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන් එක්ව සිටියහ.
‘GOLDEN OWL’ සම්මානය
1. උපාධිලාභී යුද්ධ හමුදා නිලධාරින්:
අ. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් කේ.ඩී.එස් සිල්වා
ආ. ඉන්දීය යුද්ධ හමුදාවේ මේජර් අනූප් පී.
2. උපාධිලාභී නාවික හමුදා නිලධාරින්:
අ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් (ජලතරණය) ඩබ්ලිව්.ඩී.ඩී රොද්‍රිගෝ ආර්එස්පී
ආ. පාකිස්තාන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් (OPS) සයීඩ් මුහම්මද් අර්සලාන්
3. උපාධිලාභී ගුවන් හමුදා නිලධාරින්:
අ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලඝණ නායක ඩී.එච්.එස් විජේසිංහ
ආ. ඉන්දීය ගුවන් හමුදාවේ බලඝණ නායක හරීන් ජෝෂි
සේනාවිධායකතුමන්ගේ ගෞරව සම්මානය
1. උපාධිලාභී යුද්ධ හමුදා නිලධාරින්:
අ. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් මේජර් කේ.ඩී.එස් සිල්වා
2. උපාධිලාභී නාවික හමුදා නිලධාරින්:
අ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් (ජලතරණය) ඩබ්ලිව්.ඩී.ඩී රොද්‍රිගෝ ආර්එස්පී
‘GOLDEN PEN’ සම්මානය
කමාන්ඩර් (ඉංජිනේරු) ඩී.ඩී.පී චාමර