13th December 2024 15:45:44 Hours
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ 2024 නොවැම්බර් මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරත විය.
එම මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එම රෙජිමේන්තුවේ වත්මන් සහ අනාගත ක්‍රියාන්විත සහ භඨකාර්ය සම්පාදන කාර්යභාරයන් පිළිබඳව සොයාබැලීමේ අරමුණින් මෙම සංචාරය සිදුකරනු ලැබීය.
සංචාරය අතරතුරදී, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් භටපිරිස් සමඟ අදහස් හුවමාරු කරගනිමින් භඨකාර්ය සම්පාදන හා පරිපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කළේය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.