Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2024 13:28:25 Hours

උසස් ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාඨමාලා අංක 3 සාර්ථකව අවසන්

නිකවැව, ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාසලේදී 5 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් පවත්වනු ලැබූ උසස් ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාඨමාලා අංක 3 හි බලඇණි ඉදිරිපත් කිරීම සහ සමාප්ති දේශණය 2024 දෙසැම්බර් මස 9 සහ 10 යන දෙදින තුල පවත්වනු ලැබීය.

533 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.ඒ.කේ.ආර්. ගුණරත්න පීඑස්සී මෙම අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. එහිදී එතුමන් පාඨමාලාවේ විශේෂ දක්‍ෂතා දැක්වූවන් වෙත සම්මාන පිරිනැමීය.

• හොඳම වෙඩික්කරු: පාබල සෙබල ජී.ටී. ලක්මාල්

• දක්‍ෂතම ශාරීරික යෝග්‍යතාවය හිමි ශිෂ්‍යයා: කෝප්‍රල් පී.ජී. සුමනසිරි ආර්එස්පී

• හොඳම කණ්ඩායම: සී කණ්ඩායම