11th December 2024 13:52:21 Hours
ධුරයෙන් නික්ම යන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 6 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත 12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.
ඉන් අනතුරුව, එතුමන් 12 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් ආමන්ත්‍රණය කර සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය කෘතවේදීත්වය පුදකළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් වෙනුවෙන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් පිරිසක් සහභාගී වූහ.