Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2024 21:27:07 Hours

යුද්ධ හමුදාධිපති සහ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් අතර හමුවක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ අභිනවයෙන් ධූරයේ රාජකාරි කටයුතු භාරගත් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ. ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අතර හමුවක් 2024 දෙසැම්බර් මස 9 දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සුහඳ හමුවේදී, ජාතික ආරක්‍ෂාව, ආරක්‍ෂක සහයෝගීතාව සහ ත්‍රිවිධ හමුදාවේ අනාගත අභිවෘද්ධිය සබැඳිව අවධානය යොමුකරමින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි. විකාශනය වන ආරක්‍ෂක අභියෝගවලට මුහුණදීම සඳහා අන්තර් නියෝජිතායතනයන් අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ ක්‍රියාන්විතයන් සඳහා පවතින සූදානම ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳව ද වැඩිදුරටත් මෙහිදී අදහස් දැක්වීය.

සුහඳ හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමිණි.