09th December 2024 19:28:28 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 දෙසැම්බර් මස 07 දින 11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 4 බලඇණිය ගජබා රෙජිමේන්තුව, 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව, 10 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකාය සහ 5 (සවෙච්ඡා) බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත සෑම කඳවුරකදීම භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව අණදෙන නිලධාරින් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. අනතුරුව, අණදෙන නිලධාරින් විසින් එම ඒකකයන්හි වගකීම් සහ කාර්යභාරයන් සබැඳිව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කළහ. පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් ආමන්ත්‍රණය කළේය.
සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.